TNA කොළඹ ආවොත් අපි ඉවරයි! අපේ බලය නැතිකරගන්න බෑ! අපි විරුද්ධයි! – පලනි සහ මනෝ

December 29, 2019 at 10:39 am | by emanisa.lk

උතුරු – නැගෙනහිරට පමණක් සීමා වී තිබූ දෙමළ ජාතික සන්ධානය බදුල්ල, ගම්පහ, කළුතර, කොළඹ, මාතලේ යන දිස්ත්‍රික්කවලින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ තීරණයට දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ විරෝධය පළ කරයි.

හිටපු අමාත්‍යවරුන් වන පලනි දිගම්බරන් සහ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ ප්‍රකාශ කර ඇත්තේ එම තීරණය සිය ඡන්ද බලයට හානියක් බවයි. මෙම දිස්ත්‍රික්කවලින් මීට පෙර දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබේ.

දකුණු පළාතේ දෙමළ ජනතාව බහුතරය වෙසෙන දිස්ත්‍රික්කවලින් අපේක්ෂකයන් ඉදිරිපත් කර දෙමළ ජනතාව සඳහා දේශපාලන විසඳුමක් ලබා ගැනීමට රජයට බලපෑම් කිරීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ වී ඇත.

දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඒකාබද්ධව ඉදිරිපත් වීමට යෝජනාවක් ඉදිරිපත් වුවත්, එය ද ප්‍රතික්ෂේප වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස