එජාප කොළඹ ඡන්ද කුට්ටිය දෙපළු කරමින් TNA කොළඹ එයි!

December 16, 2019 at 10:12 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුළ කිසිදු ආගමික ජාතික භේදයකින් තොරව රටේ සියලු දෙනාට සෙත සැලසෙන සංවර්ධනයක් ඇති වන බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

එය එළඹෙන මහා මැතිවරණය වන විට රටේ සුළු ජාතික කණ්ඩායම් ද අවබෝධ කරගනු ඇති බවත් එහෙයින් දෙමළ ජාතික සන්ධානය වැනි අන්ත ජාතිවාදී කණ්ඩායමකට ගම්පහ වැනි දිස්ත්‍රික්කවලින් සාධාරණ ඡන්ද ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද තවමත් රටේ යථාර්ථය අවබෝධ කර නොගත් දෙමළ කණ්ඩායම් කොළඹ ජීවත් වන්නේ නම් ඔවුන් මෙතෙක් එජාපයට ඡන්දය ලබා දුන් අය බවත් දෙමළ ජාතික සන්ධානය පැමිණීමත් සමග එම ඡන්ද එජාපයට අහිමි වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

දෙමළ ජාතික සන්ධානය එළඹෙන මහා මැතිවරණයට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් තරඟ කිරීමට පවතින සූදානම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස