Breaking# හෙට රාත්‍රී සිට නැවතත් දිවයිනටම ඇඳිරි නීතිය!

April 29, 2020 at 9:44 pm | by emanisa.lk

හෙට (30) රාත්‍රී 8 සිට මැයි 4 වෙනිදා උදෑසන 5 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය මැයි 04 වන දින දක්වා ක්‍රියාත්මක වනු ඇත.

එසේම දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ද හෙට රාත්‍රී 8 සිට මැයි 04 වන දින උදෑසන දක්වා ඇඳිරි නීතිය බලාත්මක වනු ඇත.

සිකුරාදා (01) සිට යෙදෙන දීර්ඝ සති අන්තයේ ඉහළ යා හැකි ජනතා සංචරණය සීමා කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස