රටට මඟ කියන ලංකාවේ TV සහ Radio නාළිකා හිමියන් බහුතරයක් O/L ෆේල්!

November 12, 2020 at 6:18 pm | by emanisa.lk

රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යයේ හිමිකරුවන්ගේ අවම සුදුසුකම අපොස සාමාන්‍ය පෙළ සමත් වීම බව නීතීඥ ජයන්ත ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව ජනාධිපතිතුමාට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කොට ඇත්තේ ගුවන්විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම සම්බන්ධවයි. මේ පිළිබඳ කමිටු වාර්තාව ජනාධිපතිතුමාට පසුගියදා බාරදී ඇතැයි වාර්තා වේ.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේ නීතිඥ කුෂාන් ද අල්විස්, ජනාධිපති අතිරේක ලේකම් ජීවන්ති දිසානායක යන අයයි. පසුගිය කාලය තුළ හෙළ උරුමයේ පාඨලී චම්පක රණවක, ජනතා විමුක්ති පෙරමුණ, රිෂාඩ් බදුර්දීන් ද සංඛ්‍යාත ලබාගෙන ඇති බව මෙහි දී හෙළි වී තිබේ. හෙළ උරුමය විසින් ලබාගත් බලපත්‍ර සහ සංඛ්‍යාත නහිල් විජේසූරියගේ peoples Media ආයතනයට මිලියන 75ක විකුණා ඇත.

ඉන්පසුව නහිල් විජේසූරිය මසකට මිලියන රුපියල් 6.7 කට මෙම සංඛ්‍යාත බෞද්ධයා නාලිකාවට බදු දී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් සංඛ්‍යාත V-FM නමින් ගුවන් විදුලි නාලිකාවක් බිහිකර රුපියල් මිලියන සියයකට ජොන්ස්ටන් ප්‍රනාන්දුට විකුණා තිබේ. UTV නමින් දැනට පවත්වාගෙන යන රූපවාහිනී නාලිකාව වෙනත් අධ්‍යක්ෂකවරුන්ගේ නමින් පවත්වා ගෙන ගිය ද සැබෑ හිමිකරුවා වන්නේ හිටපු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ය.
එසේම ව්‍යාජ ලාංකීය හිමිකාරිත්වයක් දක්වමින් ස්වර්ණවාහිනී නාලිකාව අයිති EAP network සමාගම මිල දී ගෙන ඇත්තේ සුබාස්කරන් අලිරාජා ය. මෙම ගනුදෙනුව සඳහා Lyca mobile මෙම මුදල ප්‍රේෂණය කොට ඇත්තේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී ආකාරයකට බව දක්වා ඇත.

වඩාත් ම අවිධිමත් ලෙස සංඛ්‍යාත ලබාගෙන ඇත්තේ MBC Networks ආයතනය වන අතර ඔවුන් විසින් විශාල සංඛ්‍යාත ප්‍රමාණයක්, අකාර්යක්ෂම ලෙස තමන් සන්තකයේ තබාගෙන සිටින බවත් හෙළි වී ඇත. මෙම අවිධිමත් සංඛ්‍යාත නිකුතුව ප්‍රේක්ෂකයින්ගේ රූපවාහිනී රසාස්වාදයට බාධා වන ආකාරයෙන් නිකුත් කොට ඇත. මින් සමහරක් රූපවාහිනී නාලිකා සංඛ්‍යාත එකමත එක පතිත වීම තුළින් අපැහැදිලි දර්ශන ගෙන දේ.

මේ හේතුව නිසා මිලියන 2.0 ක් ආසන්න ගෘහස්ථ රූපවාහිනී සබඳතා cable හෝ IPTV සඳහා යොමුව ඇති අතර මින් මිලියන 1.5 කට ආසන්න Dialog සබඳතා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස