කලාකරුවන්ගේ දිගුකාලීන ඉල්ලීමක් ඉටුවෙයි! ගීත සඳහා කර්තෘ භාගය ගෙවන වැඩපිළිවෙළ මාර්තුවේ!

February 19, 2020 at 4:42 pm | by emanisa.lk

රේඩියෝ සහ රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය වන ගීත සඳහා කර්තෘ භාගය ගෙවීම සඳහා මේ වන විට කටයුතු සූදානම් කර ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

“ගීතයක අයිතිය කොටස් 3කට බෙදෙනවා. ත්‍රෛ-පාර්ශවික සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් තමා ගීතයක් කියන්නේ.

ඔවුන්ට තමන්ගේ මහන්සිය වෙනුවෙන් යම්කිසි ප්‍රතිලාභයක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය ආයතන වලින් තමයි ඒ ගෙවීම කරන්න ඕනේ

අපි එකඟතාවයකට ආවා ගුවන් විදුලියෙන් නම් රුපියල් 20යි රූපවාහිනියෙන් නම් රුපියල් 100යි. මාර්තු 1වනදා සිට එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *