ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති අපේක්ෂකයෙක් ජාතිය අමතයි!

November 8, 2019 at 12:45 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (07) ජාතිය ඇමතූ අතර එය රූපවාහිනී නාළිකා ඔස්සේ ද විකාශනය කෙරිණි.

සාමාන්‍ය සම්ප්‍රදාය තුළ ජාතිය අමතන්නේ රටේ විධායක ජනාධිපතිවරයා වන අතර ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ජනාධිපති අපේක්ෂකයකු ජාතිය අමතා නොමැත.

සිංහ කොඩි පෙළක් සහිත ස්ථානයක සිට සජිත් ප්‍රේමදාස ජාතිය ඇමතූ අතර එය සමාජ මාද්‍යවල දැඩි කතාබහට සහ උපහාසයට ලක්ව තිබේ.

“සජිත් ප්‍රේමදාස මහතා ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශය” යනුවෙන් ඔහුගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වල තමා මහතා යැයි හඳුනා ගැනීම ඔහුගේ පියා සිය නමට මුලින් ශ්‍රීමත් යෙදීම අනිවාර්ය කිරීමේ මානසික තත්ත්වයම බව ඔවුන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස