කටුපොල් රටේ ජල සම්පත වනසනවා! කටුපොල් මුදලාලිලා දේශපාලකයොත් මිලට අරන්! – ජයන්ත සමරවීර

March 7, 2020 at 1:40 pm | by emanisa.lk

කටුපොල් වගාව හේතුවෙන් දිනකට ජලය ලීටර 600 ක් පමණ විනාශ වන බවට සොයාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.

මේ වන විට මැති ඇමතිවරු රජ්‍ය නිලධාරීන් කටුපොල් මුදලාලිලා විසින් මිලට ගෙන ඇති බවත් කටුපොල්කකාරයින්ගේ මුදලට යට වූ මාධ්‍ය නාළිකා කටුපොල් වගාවට එරෙහි කිසිම ප්‍රවෘත්තියක් පල නොකරන බවත් හෙතෙම අනාවරණය කළේය.

අදට යෙදී ඇති ලෝක තෙත් බිම් දිනයට සමගාමීව පැවති වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ස්භාවිකව වැවුණු කටුපොල් වගාව ඉවත් කිරීම අද ආරම්භ කෙරුණේ කටුපොල් යක්‍ෂයාගෙන් ලංකාව බේරා ගනිමු යන තේමාවෙනි.

කලුතර, දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලපිටියාගොඩ ප්‍රදේශයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය එක්ව මෙය සිදුකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස