ඩෝසර් කළ කුරුණෑගල පැරණි ගොඩනැඟිල්ල නිරීක්ෂණය කිරීමට භික්ෂූන් වහන්සේ නමක් සහ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කුමාර එම ස්ථානයට ගිය අවස්ථාවේ පොලිසිය මැදිහත් වී එය වළක්වා තිබේ.
කොරෝනා හේතුවෙන් උද්ඝෝෂණ පැවැත්වීමට නොහැකි බවට අධිකරණ නියෝගයක් ඇති බව සඳහන් කරමින් පොලිසිය එය වළක්වා තිබේ.
ඒ අතර එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් නාමල් කුමාරට හූ කී අතර පොලිසිය මැදිහත් වී පිරිස විසිරුවා හරිනු ලැබීය.