ඉපැරණි උරුමය රකින එකම දේශප්‍රේමි බලවේගය දුරකතනයයි!

July 18, 2020 at 7:48 pm | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට තරඟ කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2 වන බුවනෙකබාහු රාජසභාව සම්පූර්ණයෙන් ඩෝසර් කර දමා ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ආණ්ඩුවේ බුද්ධ ශාසන ඇමති ද සංස්කෘතික ඇමති ද මහින්ද රාජපක්ෂ මහතා බව ඔහු සඳහන් කරයි. කෙසේ වුවද කුරුණෑගල නගරාධිපතිවරයා පාර පළල් කරන්න යැයි කියමින් මෙම විනාශ සිදුකර ඇති බවත් එය ලැජ්ජාවක් බවත් ඔහු සඳහන් කරයි.

මේ රටේ ඉපැරණි උරුමය ඉතිහාසය මහා පුරාවස්තු රකින එකම සත්‍යවාදී දේශප්‍රේමීත්වය ඇත්තේ සමගි ජනබලවේගයේ දුරකතනය සමග බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

පොළොන්නරුවේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස