කුරුණෑගල රාජධානිය ඩෝසර් කරද්දි සද්ද නැතිව ඉන්නේ ඇයි! – ජනපතිගෙන් ඇසූ ප්‍රශ්නයට සුපිරි පිළිතුරක්….

July 27, 2020 at 11:28 pm | by emanisa.lk

කුරුණෑගල රාජධානිය ඩෝසර් කිරීම පිළිබඳ ජනාධිපතිවරයා කිසිවක් නොකියන්නේ ඇයි දැයි පුද්ගලයෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා සිටියේය.

ඒ අද (27) කුරුණෑගල නාරම්වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ශාන්ත බණ්ඩාර සංවිධානය කළ ජනහමුවකට පැමිණි අවස්ථාවේය.

මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ එය බුවනෙක රාජසභාවක් නොවන බවත් බුවනෙක යනු හෝටලය පවත්වාගෙන ගිය පුද්ගලයාගේ පුතාගේ නම බවත්ය.

තමා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ මෙම ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය සඳහා ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එම හොටෙල් හිමියා ඊට එරෙහි වූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස