කුරුණෑගල රාජසභාව වැනසූ ප්‍රාදේශීය පාලකයන්ට තරාතිරම නොබලා දඬුුවම් දෙන්න! – පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි ජනපතිට අගමැතිට කියයි…

July 20, 2020 at 9:32 pm | by emanisa.lk

කුරුණෑගල ඓතිහාසික රාජසභාව ඩෝසර් කළ අය කුමන තරාතිරමක වුවත් ඉහළම දඬුවම දිය යුතුයැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ ජනාධිපති හා අගමැතිවරයාට කියා සිටිති.

මෙම ඓතිහාසික රාජසභාව පමණක් නොව කුමන අන්දමේ පුරාවස්තු වැනසුවත් නිසි දඬුවම් දීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් යැයිද මේධානන්ද නාහිමියෝ අවධාරණය කරති.

කුරුණෑගල ඓතිහාසික පුරවරයේ පුරාවස්තු තිබෙන්නේ අතලොස්සයි. එයින් මේ රාජසභාව ප්‍රධාන තැනක් ගන්නවා. මෙය රජවරු සතර දෙනෙක් රාජසභාව ලෙස භාවිත කළ තැනක් බව ජනප්‍රවාදයේත් සඳහන් වෙනවා. යාපහුව රාධානිය ඇදවැටිමෙන් පසු දෙවන බුවනෙකබාහු රජතමා කුරුණෑගල රාජධානිය ආරමිභ කරනවා. ඉන් පසු හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා, 2වන බුවනෙකබාහු රජතුමා, පස්වෙනි විජයබාහු රජතුමා කුරුණෑගල රජකරනවා. පසුව කුරුණෑගල රාජධානිය බිඳවැටිමෙන් ගම්පොල රාජධානිය ඇති වෙනවා.

අඥාන ප්‍රාදේශිය පාලකයන් විසින් කඩාදැමු මෙම රාජසභාව රජවරු සතර දෙනෙක් නඩු ඇසීම සඳහා භාවිත කළ තැනක්. මේ ස්ථානයට මුලදි හානි කරද්දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිලි කළත් නිසි ක්‍රියාමාර්ගයක් අරන් නැහැ. අවසානයේ සිදුවුණේ වටිනා පුරාවස්තුවක් ජාතියට අහිමිවිමයි.

මේ ආකාරයෙන්ම මාර්ග සංවර්ධනය කරන්න කියලා මන්නාරමේ මාතොට රජමහා විහාරය විනාශ කලා. අවසානයේ එහි තිබු වයිනා සෙල්ලිපි හා පුරාවස්තු කැබලි බවට පත්වෙලා පාර පුරා තිබුණා. අන්තිමට අපිට ඇහිඳගන්න වුණේ ඒ වටිනා සෙල්ලිපිවල කබලි ටික විතරයි.

කුරුණෑගල රාජසභාවට කළේ විශාල අපරාධයක්. එසේම අඥාන වැඩක්. මේ ලෙස රටේ උරුමය ඩෝසර් කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා මෙයට වගකිය යුත්තේ කුමන පක්ෂයක කෙනෙක් වුවත් කුමන ජාතියක අයෙක් වුවත් ඒ කිසිවක් නොතකා නිසි දඬුවම ලබාදිය යුතුමයි යැයි මේධානන්ද නාහිමියෝ ජනාධිපති හා අගමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස