ඩෝසර් කළේ රාජසභා මණ්ඩපේ නෙමෙයි බුවනෙක හෝටලේ! ඒක ගණික මධ්‍යස්ථානයක්… ගබ්සා මධ්‍යස්ථානයක්…. අරක්කු තිප්පොළක්… – කුරුණෑගල නගරාධිපති

July 17, 2020 at 11:56 pm | by emanisa.lk

කුරුණෑගල නගර මධ්‍යයේ පැවති ඉපැරණි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ මෙය බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමක් නොවන බවයි.

මෙසේ කඩා ඉවත් කරන ලද්දේ ඒ ආසන්නයේ තිබූ ‘බුවනෙක හෝටලය’ නම් අනවසර ව්‍යාපාරික ස්ථානයක කොටසක් බව ද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ රජයක් විසින් එය බදු පදනම මත තම හිතවතෙකුට ලබා දී තිබු එකක් බව ද නලින් බණ්ඩාරලා නිතර කෑමට බීමට එහි ආ ගිය බව ද ඔහු පැවසීය.

එම ස්ථානයේ ගණිකා මධ්‍යස්ථානයක්, ගබ්සා මධ්‍යස්ථානයක් සහ මත්පැන් විකුණූ ස්ථානයක් පවත්වාගෙන ගිය බවද පුරාවිද්‍යා ස්ථානයක් නම් එය හෝටලයකට බදු දුන්නේ කෙසේ දැයි තමා විමසන බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.

කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස