කුරුණෑගල13 වන සියවසේ ඉපැරණි රාජසභාව ඩෝසර් කරයි! පාර පළල් කරන්න පුරාවිද්‍යා උරුමය ඩොසර් කළැයි නගරාධිපති කියයි…

July 17, 2020 at 2:08 pm | by emanisa.lk

කුරුණෑගල නගර මැද පිහිටි 13 සියවසට අයත් රාජ සභා මණ්ඩපය ඩෝසර් යොදා කඩා බිඳ දමා තිබේ.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා පරීක්ෂණයක් කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

කුරුණෑගල නගර සභාව විසින් මෙම ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කර කඩා දමා තිබේ.

කුරුණෑගල නගරාධිපතිවරයා සඳහන් කරන්නේ ගොඩනැගිල්ල පසුපස ඇති මාර්ගයක් පුළුල් කිරීම සඳහා මෙම කොටස කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය අවසර ලබා දුන් බවය‍.

නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දීමක් සිදු කර නොමැති බව පුරාවිද්‍යා කොමසාරිස්වරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස