ශ්රී ලංකාවට එවීමට පෙර කුවෙට්හි රඳවාගෙන සිටි කාලය තුළ තමන්ගේ කොරෝනා පරීක්ෂාවක් සිදු නොකළ බව එරට සිට මෙරටට පැමිණි ශ්රී ලාංකිකයෝ සඳහන් කරති.
එම කාලයේ දී ශරීරයේ උෂ්ණත්වය සහ ලේ පරීක්ෂා කිරීමක් පමණක් සිදුකළ බවද ඔවුහු පැවසූහ.
ශ්රී ලංකාවේට ඔවුන් කුවේටයේ සිට එවන ලද්දේ කොරෝනා පරීක්ෂාවක් සිදු කර ආසාදනය නැති බව තහවුරු වීමෙන් පසුව බව කුවේටයේ සිටින ශ්රී ලංකා තානාපතිවරයා සිදුකළ ප්රකාශයකට ප්රතිචාර දක්වමින් මෙරට නිරෝධායන කඳවරුවල රරඳා වා සිටින ශ්රී ලාංකිකයෝ මේ බව පැවසූහ.
එරට කඳවුරුවල තමන් රඳවා සිටි කාලයේ දී කොරෝනා පරීක්ෂාවන් සිදු කළේ නම් එරට දීම රෝගීන් හඳුනා ගැනීමට හැකිව තිබූ බවද ඔවුහු පෙන්වා දෙති.