කුවෙට් පොකුර දරුණු වෙයි! අද දිනයේ ආසාදිතයන් 137ක්! 127ක්ම කුවේටයෙන්!

May 26, 2020 at 11:10 pm | by emanisa.lk

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව අද (26) රාත්‍රීය වන විට 1319ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 137කි.

අද වාර්තා වු ආසාදිතයන්ගෙන් 10 දෙනෙකු නාවික හමුදාවෙන් වන අතර සෙසු සියලු දෙනා කුවේටයේ සිට පැමිණි අයයි.

කුවේටයේ සිට මෙම පිරිස ලංකාවට පැමිණෙන විට කොරෝනා ආසාදනය වී තිබූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය.

ලංකාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි. කෙසේ වුවද මේ අතරින් 127ක්ම කුවේටයේ දී ආසාදිත වූ අය මිස ලංකාවේ දී ආසාදිත වූ අය නොවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස