විදුලි අර්බුදයට විසඳුම් ලෙස නව විදුලි බලාගාර 5ක්! ජාතික විදුලි පද්ධතියට මෙ.වො. 1700ක්!

February 19, 2020 at 10:28 pm | by emanisa.lk

රට තුළ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණ දීම සඳහා විදුලි බලාගාර 5 ක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත.

විදුලි බල ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන තිබේ.

මෙම බලාගාර 5න් මෙගාවොට් 1700 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර ගැනීමට අපේක්ෂිතය.

නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 ක බලාගාරයක්ද, ලක්දනව් සමාගම මගින් කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ද්විත්ව බලාගාරයක්ද, කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ස්වභාවික වායු බලාගාරයක්ද, කෙරවලපිටියේ මෙගාවොට් 500 ක ස්වභාවික වායු විදුලි බලාගාරයක්ද කෙරවලපිටිය මෙගාවොට් 300 ක ස්වභාවික වායු විදුලි බලාගාරයක්ද මේ යටතේ ඉදිකිරීමට යෝජිතය.

පසුගිය ආණ්ඩුව සමයේ මෙරට කිසිදු විදුලි බලාගාරයක් ඉදිනොකිරීම මෙවැනි විදුලි අර්බුදයක් ඇති වීමට මූලික හේතුවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස