ජනතාව විහිළුවට ගැනීමට කිසිම දේශපාලන නායකයකුට ඉඩ නොතැබිය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන ගැනීමත් සමග එම පක්ෂයට කණකොකා හැඬූ බව ද හෙතෙම සඳහන් කළේය.
අද (19) පාදුක්ක ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.