දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණීම වීසා ලබාදීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඔහුගේ පැමිණීමට බාධා කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය.
රජිනි කාන්ත්ගේ රසිකයන් විශාල ප්‍රමාණයක් මෙරට සිටින බවත් තමා මෙන්ම තමාගේ පියාද ඔහුගේ සිනමා රසිකයන් බවත් නාමල් රාජපක්ෂ පවසයි.
ඔහුට මෙරටට පැමිණීමට අවශ්‍ය නම්, ඒ සඳහා රජයෙන් හෝ වෙනත් පාර්ශ්වයකින් හෝ කිසිදු බාධාවක් නොමැති බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයෙන් අවධාරණය කරයි.
තමිල්නාඩු නළුවකු වන රැජිනි කාන්ත් දැඩි කොටි හිතවාදියකු වන අතර අවසාන යුද සමයේ ඉන්දියානු හමුදාව ලංකාව ආක්‍රමණය කළ යුතු බව පැවසූ අයෙකි.