නාමල් ලිමිණි මංගල උළෙල සැප්තැම්බරයේ! 12 වීරකැටියේ 17 ගල්කිස්සේ!

June 23, 2019 at 3:18 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන සැප්තැම්බර මස 12 වෙනිදා ප්‍රකට ව්‍යාපාරිකයකු වන Lanka Sportreizen ආයතනයේ සභාපති තිලක් වීරසිංහගේ එකම දියණිය වන ලිමිණි වීරසිංහ සමග විවාහ වීමට නියමිතය. රාජපක්ෂ පවුල සහ වීරසිංහ පවුල වසර 15ක පමණ කාලයක සිට සමීප මිතුරන් බව ද අනාවරණය වී තිබේ.

මෙම විවාහ උත්සවය සැප්තැම්බර් 12 වෙනිදා වීරකැටියේ දී දෙවන දිනය සැප්තැම්බර් 17 වෙනිදා ගල්කිස්ස මවුන්ට්ලැවිනියා හෝටලයේ ද සරල ලෙස පැවැත්වීමට දැනටමත් කටයුතු සූදානම් කර තිබේ. නාමල්ගේ පෙම්වතිය ලිමිණි කෙටි ධාවන ශූරියක ලෙස නමක් දිනාගෙන සිටින අතර ඇගේ මව අරුණි වික්‍රමරත්න ද ප්‍රකට ධාවන ශූරියක වූවාය.

පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මෙම විවාහය පිළිබඳ ඔහුට පවසා ඇති අතර එහිදී මෝදි පවසා ඇත්තේ තම උපන් දිනය ද සැප්තැම්බර් 17 වෙනි දිනයට යෙදී ඇති බවය. රාජපක්ෂ පවුලේ බාලයා රෝහිත රාජපක්ෂ පසුගිය ජනවාරියේ විවාහ වූ අතර යෝෂිත රාජපක්ෂ තවමත් තනිකඩය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *