එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුරුන් වුවත් එම පක්ෂයට ජාතිකත්වයක් නැතැයි ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිත නීතිඥ කල්යානන්ද තිරාණගම පවසයි.
එක්සත් ජාතික පක්ෂයෙන් පාලන බලය ගිලිහීමට එම පක්ෂයට ජාතිකත්වයක් නොමැති වීම හේතුවූ බව පැවසූ තිරාණගම තවදුරටත් සඳහන් කර සිටියේ පක්ෂයේ නාමය එක්සත් ජාතික පක්ෂය වුවත් එම පක්ෂය තුළ එක්සත් කමක් හෝ ජාතිකත්වයක් නොමැති බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම 1956 සිට අවස්ථා කිහිපයකදීම එක්සත් ජාතික පක්ෂයට පාලන බලය අහිමි වීම සඳහා එම පක්ෂයේ නායකත්වයට ජාතික චින්තනය තේරුම් ගැනීමට නොහැකි වීම හේතු වූ බවත් පැවසූ තිරාණගම වැඩිදුරටත් සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂය තුළ වර්තමානයේදී පවත්නා අර්බුදය සිංහල ජනතාව රැවටීම සඳහා දරන වෑයමක් පමණක් වන බවයි.