මෑත ඉතිහාසයේ ලංකාවේ මහා පුරාවස්තු මංකොල්ලය මෙන්න! උතුරු නැඟෙනහිරින් කොල්ල කෑ පුරාවස්තු ටොන් 20ක් ඇමරිකාවේ!

January 17, 2020 at 10:13 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සිට මිල කළ නොහැකි පුරාවස්තු සම්භාරයක් පසුගිය වසරේදී ඇමරිකාවේ ඔලැන්ඩෝහි පිහිටි පෞද්ගලික සමාගමක් වෙත යවා ඇතැයි සුප්‍රසිද්ධ Live Science වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම පුරාවස්තු එකතුව දැනට පවතින ඔලැන්ඩෝහි පිහිටි Ripley’s Believe it or Not නම් පෞද්ගලික සමාගම සහ එහි කෞතුකාගාරය අසාමාන්‍ය වස්තූන් සහ කෞතුක වස්තූන් සඳහා ප්‍රචලිත ආයතනයකි.

මෙම ආයතනයට පුරාවස්තු තොගය අදාළ ඇමරිකානු සමාගම වෙත මියාමි වරාය ඔස්සේ ලැබී ඇත්තේ 2019 වසරේ ජුනි 15 වැනිදාය.

මෙම පුරාවස්තු තොගයට භාණ්ඩ 125ක ලැයිස්තුවක් ඇතුළත් අතර ඒවා කන්ටේනර් 03ක් මගින් ප්‍රවාහනය කර ඇත. ඒවායේ බර කිලෝග්‍රෑම් 19,575ක් ලෙස නෞකා​ වාර්තාවල සටහන්ව ඇති අතර එහි ඇස්තමේන්තු වටිනාකමත් නෞකා සමාගම විසින් අනාවරණය කර නැත.

Live Science වාර්තාව ඔස්සේ සැකපහළ කර ඇත්තේ 1983 – 2009 යුද වකවානුවේදී උතුරු – නැගෙනහිර පළාත්වලින් සොරාගත් පුරාවස්තු තොගයක් මෙලෙස රහසිගත ලෙස නැව්ගත කර ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස