මේ රට හැමදාම පස්සට ඇද්දේ චීවරධාරියෝ! ඔවුන් සිවුරු දාගත් රස්තියාදුකාරයෝ! – ඇමති මංගල නැවතත් මහ සඟරුවනට ගරහයි…

December 4, 2019 at 10:50 pm | by emanisa.lk

අද රට පත්ව ඇති තත්ත්වයට 1948 සිට රට පාලනය කළ නොකළ සියලු දෙනා මෙන්ම පූජ්‍ය පක්ෂය විශේෂයෙන් චීවරධාරීන් වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.

පාලකයන් හොඳ දෙයක් කිරීමට උත්සාහ කරන විට පවා චීවරධාරීන් ඉතාම ගෝත්‍රික ලෙස ඔවුන්ගේ කකුලෙන් ඇද්ද බවට ඔහු චෝදනා කළේය.

භික්ෂූන් වහන්සේලා සිවුරු දාගත් රස්තියාදුකරුවන් බව සඳහන් කළ මංගල සමරවීර බෞද්ධ දර්ශනය අනුගමනය කරන අයකු ලෙස තමන්ට ඒ පිළිබඳ වේදනාවක් ඇතැයි පැවසීය.

කුඩා කාලයේ කේන්දරයේ ප්‍රශ්නයක් හෝ දුප්පත්කම නිසා මහණ කළ අය තුළ ආගම පිළිබඳ ළැදියාවක් නැතැයි ද හෙතෙම චෝදනා කළේය. මේ රට සිංහල බෞද්ධ රටක් නොවන බව තමා නැවත පවසන බව ද හෙතෙම අවධාරණය කළේය.

මේ වන විට සිංහල සහ දෙමළ අන්තවාදීන් එක් වී මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනයක් ආරම්භ කර ඇතැයි ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස