ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද (07) උදෑසන සුබ මොහොතින් නාම යෝජනා භාරදීම සඳහා පිටත්විය.
ඒ සිය නුගේගොඩ පිහිටි නිවසේ සිටය. නාම යෝජනා භාර දීමට නික්ම යාමට පෙර මහා සංඝ රත්නය නිවසට කැඳවා ආගමික වතාවත්වල නිරත වූ ඔහුට මහා සංඝරත්නය සෙත් පිරිත් සඣ්ජායනා කොට ආශීර්වාද කළේය.
Copyright © 2025 emanisa.lk
