ඝාතනයට ලක්වු සිය හමුදා ප්‍රධානියාගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකා ගුවන් කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල කර තිබේ.
ඉරානය විසින් ඉරාකයේ ඉර්බිල් සහ අල්-අසාද්හි පිහිටි ඇමරිකානු ගුවන් කඳවුරු දෙකක් වෙත බ්ලැස්ටික් මිසයිල 10 කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇත.
ඉරානයේ ජාතික මාධ්‍ය සඳහන් කළේ සිය හමුදා ප්‍රධානියා ඝාතනයට කිරීමට ප්‍රති ප්‍රහාරයක් ලෙස මෙය සිදුකළ බවය.
ඉරානය විසින් තම ගුවන් කඳවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව පෙන්ටගනය සනාථ කරයි.
මෙම ප්‍රහාරයෙන් සිදුවු හානි සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වි නොමැත.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට සිය ආරක්ෂක උපදේශකයින් සමග සාකච්ජා කර ඇති අතර මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය ඇමතීමට සූදානම් බව වාර්තා වෙයි.
මෙයට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබුණේ ඉරානයේ තෝරාගත් මර්මස්ථාන ගණනාවකට පහර දෙන බවය.