2023 වන තුරු එජාප නායකයා රනිල්මයි!

December 15, 2019 at 8:50 am | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර ඔක්තෝබර් 03 වෙනිදා එජාප මහ සම්මේලනය සම්මත කරගත් ආකාරයට 2023 වන තුරු එජාප නායකත්වය රනිල් වික්‍රමසිංහට හිමි වෙයි.

මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා 05ක් විශේෂ පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ අතර එහි තෙවැනි යෝජනාව වූයේ පක්ෂ නායකත්වය ඉදිරියට ද රනිල් වික්‍රමසිංහට හිමි වන බවය.

රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වුවහොත් මිස පක්ෂ නායකත්වය 2023 වන තුරු ඔහුට හිමි වන අතර එහිදී මහා සම්මේලනය කැඳවා නව නායකයෙක් පත්කර ගත හැකිය.

කෙසේ වුවද සජිත් පාර්ශවය පවසන්නේ විපක්ෂ නායකත්වය මෙන්ම පක්ෂ නායකත්වය ද රනිල් වික්‍රමසිංහට හිමි විය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස