20 ගැන විවාද කළොත් කොරෝනා බෝ වෙන්න පුළුවන්! ඒ නිසා පාර්ලිමේන්තුව කල් දමන්න! – කිරිඇල්ල

October 19, 2020 at 12:09 pm | by emanisa.lk

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව රැස්වීම පැවැත්වීම නිමා කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය ද රජය විසින් හඳුන්වා දී ඇති රෙගුලාසිවලට පරස්පර බවත් එමගින් පෙන්වා දෙයි.

එහෙයින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස