ජනමත විචාරණයක් තැබුවොත් ජනතාව 20 පරදනවා! – තිස්ස

October 3, 2020 at 11:48 am | by emanisa.lk

20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කළහොත් ජනතාව එය ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි විශ්වාස කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසයි.

මේ වන පාර්ලිමේන්තුවේ ද අධිකරණයේ ද 20ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

සමගි ජනබලවේගයේ ප‍්‍රධානත්වයෙන් විපක්ෂයේ සෙසු පක්ෂ සහ සිවිල් සංවිධානවල සහභාගීත්වයෙන් 20 වෙනි සංශෝධනයට එරෙහිව විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම සඳහන් කළේය.

විදෙස් පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩදීමට ද ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නැති කිරීමට ද ඇමති මණ්ඩලයේ 30 සීමාව ඉවත් කිරීමට ද ජනතාව එරෙහි වනු ඇතැයි තිස්ස අත්තනායක අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස