සාකච්ඡා සාර්ථකයි! බදියුදීන් සහ හකීම් අනාථයි! ගෝළ⁣ රොත්තක් ආණ්ඩුවට!

September 24, 2020 at 10:41 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ හා විපක්ෂයේ සිටින ‍ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වීමේ සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහා මැතිවරණයේදී සමගි ජන බලවේගයට පිටින් වෙනම තරග කර ජයග්‍රහණය කළ එම පක්ෂ දෙකේ මන්ත්‍රීන් දෙදෙනා ද ඒ අතර සිටින බව වාර්තා වේ.

රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් නායකත්වය දෙන මෙම පක්ෂ දෙකේ තෝරාගත් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසකට තනි තනිව ආණ්ඩුවට එක්වන ලෙස පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ඉල්ලීමක් කර තිබේ.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති වරයෙකු වන නසීර් අහමඩ් මහතා ආණ්ඩුවට එක්වීම පිළිබඳව දැඩි ස්ථාවරයක සිටින බවද දැනගන්නට තිබේ.

20 වෙනි සංශෝධනයට විපක්ෂයෙන් 20 දෙනෙකු ගන්නා බව පවසමින් මහින්දානන්ද අලුත්ගමගේ ඉකුත් 22 වෙනි දින පාර්ලිමේන්තුවේදී මෙම පුවත තහවුරු කළේය.

කෙසේ වුවද හකීම් සහ බදියුදීන් ආණ්ඩුවට එකතු කර ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස