පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගන්න ඕන බදියුදීන් නෙමෙයි විමල්! – මනෝ ගනේෂන්

October 15, 2020 at 9:24 am | by emanisa.lk

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අත්අඩංගුවට ගත යුත්තේ රිෂාඩ් බදියුදීන් නොව විමල් වීරවංශ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

පාස්කු ප්‍රහාරය එල්ල කළ අය පිළිබඳ සියලු තොරතුරු සාක්ෂි තමා සතුව ඇති බව විමල් වීරවංශ පැවසුවේ යැයි මනෝ ගනේෂන් පවසයි.

මේ වන විට විමල් වීරවංශ එම සාක්ෂි සඟවමින් සිටින නිසා ඔහු වහා ම අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ආණ්ඩුවට මේ වන විට 20 වෙනි සංශෝධනය නිසා කෝවිඩ් 20 වැළඳී ඇති බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස