අගමැති මහින්දගේ බලය අහිමි කිරීමට මම විරුද්ධයි! – මරික්කාර්

September 22, 2020 at 2:41 pm | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂගේ බලය නැති කිරීමට තමා අකමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

අද (22) 20 වෙනි ආආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.

කාගේ බලය නැති කළත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බලය නැති කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ඇමතිමහින්දානන්ද අලුත්ගමගේ එහිදී පැවසුවේය.

19 වන සංශෝධනය ගෙන ආවෙි රාජපක්ෂලා අතුගා දැමීමට බවත් යහපාලන ආණ්ඩුව රාජපක්ෂලා සිරගත කිරීමට උත්සාහ කරන සමයේ අද මහින්ද රාජපක්ෂ ගැන කිඹුල් කඳුලු හෙළන මරික්කාර් කොතැන සිටියේ යැයිද ඔහු ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස