ආණ්ඩුව 20 ගේන්නේ අපි වගේ රට වෙනුවෙන් නෙමෙයි! මෛත්‍රීට තනතුරක් දීලා බැසිල් පාර්ලිමේන්තු ගේන්න!

August 18, 2020 at 9:02 pm | by emanisa.lk

ආණ්ඩුව 20 වෙනි සංශෝධනය ගෙන ඒමට උත්සාහ කරන්නේ මෛත්‍රීපාල සිරිසේනට තනතුරක් නිර්මාණය කර බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙන ඒමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

අවුරුදු 30ක් යුද්ධයකින් පීඩා විඳි රටක ආගම්වාදය ජාතිවාදය වපුරමින් ආගම විකුණමින් පොදුජන පෙරමුණ මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ බව ද ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය යුද්ධය වැනි කාලයකට නැවත රට රැගෙන නොයන ලෙස ද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස