කවුරු නාවත් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු 04ක් එක්ක මං ආණ්ඩුවට යනවා! – නියෝජ්‍ය නායකයා හකීම්ට කියයි..

October 3, 2020 at 2:33 pm | by emanisa.lk

කවුරු ආවත් නාවත් තමන් මුස්ලිම් කොංග්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග ආණ්ඩුවට සහාය දීමට යන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක නසීර් අහමඩ් පක්ෂ නායකත්වයට දැනුම් දී තිබේ.

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සඳහා කටයුතු කිරීම මේ වන විට පක්ෂ නායක රවුෆ් හකීම් මහතාට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.

සමගි ජන බලවේගය සංධානගත පාර්ශවයක් වුවත් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම පක්ෂය ස්වාධීන තීරණයක් ගන්නා බවද මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කොට තිබෙන්නේ මෙම ප්‍රශ්නය නිසා ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය විරුද්ධ බව මේ වන විට ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය ඒ පිළිබඳව ස්වාධීන තීරණයකට එළඹීම යනු ඔවුන්ගේ සහය 20 වෙනි සංශෝධනයට හිමිවෙන බව තහවුරු කිරීමකි.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් හැර ඔවුන් නායකත්වය දරන පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ආණ්ඩුවට ලබා ගැනීම සඳහා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටින බව ප්‍රකට කරුණකි.

නසීර් අහමඩ් ඇතුළු සිව් දෙනෙකු ආණ්ඩුවට එකතු වුවහොත් මුස්ලිම් කොංග්‍රසයේ ඉතිරි වන්නේ රවූූ්ෆ හකීම් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස