හිටපු විගණකාධිපති කෝටි 27ක වාහන කුළියට අරන්!

August 17, 2019 at 1:58 pm | by emanisa.lk

විගණකාධිපති දෙපාර්තමේන්තුවට බෙන්ස් රථයක් හා කැබ් රථ විසි පහක් මිලදී ගැනීම නිසා පසුගිය වසර දෙක තිස්සේ මාසික කුලිය වශයෙන් රුපියල් දහතුන් කෝටි හැත්තෑ ලක්ෂයක (137,014,103) මුදලක් ගෙවීමට සිදුව තිබේ.

මෙම වියදම නතර කිරීමට නව විගණකාධිපතිවරයා උත්සාහ ගෙන ඇතත් හිටපු විගණකාධිපතිවරයා විසින් මේ සඳහා වසර පහකට ගිවිසුම් අත්සන් කර ඇති නිසා ගිවිසුම් අවලංගු කිරීමට නොහැකි බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

වසර පහක ගවිසුම්ගත කාලය අවසන් වූ පසුව එම වාහන සැපයුම්කරුටම හිමිවන බවත් වසර පහක් අවසානයේ එම වාහන වෙනුවෙන් රජයෙන් විසිහත් කෝටි හතළිස් දෙලක්ෂයක අධික (274,256,220) නාස්තිකාර වියදමක් සිදුවන බව අතිරේක විගණකාධිපතිවරයකුව සිටි එස්. නයනකාන්ත දිගින් දිගටම පෙන්වද්දී මෙම වාහන මිලදී ගත් බවත් නිලධාරීහු පෙන්වා දෙති.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහට මොන්ටෙරෝ ජීප් රථයක් නිල රථය වශයෙන් තිබියදී මසකට රුපියල් හාරලක්ෂ අනූහයදහස් හැට දෙකක් බැගින් වසර පහකට බෙන්ස් රථයක් කුලියට ගෙන ඇත්තේ එක්තරා ෆිනෑන්ස් සමාගමකිනි. කැබ් රථ 25ක් එකකට මසකට රුපියල් එක්ලක්ෂ හැට දෙදහස් නවසිය අනූ පහකට සපයා ඇත්තේද එම සමාගමය.

හිටපු විගණකාධිපතිවරයා ආණ්ඩුවේ දූෂණ නාස්ති වංචා පිළිබඳ ප්‍රබල හඬක් නැඟූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඔහු බවට ද ආරංචි පැතිර ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස