අවයැයෙන් 25%ක් හොරා කනවා! – රජයේ විගණකාධිපති

February 11, 2019 at 4:59 am | by admin

රාජ්‍ය අංශයේ දූෂණය, නාස්තිය, අවභාවිතය වැළැක්වීමෙන් ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනයෙන් 25%ක මුදලක් ඉතිරි කරගත හැකි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

විගණකාධිපතිවරයා මේ බව පවසා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගියදා පැවැති ජාතික විගණන පනත පිළිබඳ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුම්වත්කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ මුල්‍ය විනය යහපත්ව පවත්වා ගෙන යෑමට නම්, ලංකාවේ ප්‍රධාන ආයතන 03ක් යහපත් විය යුතු බවත්, එම ආයතන වන්නේ මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *