ගාමිණි විජේසිංහ විශ්‍රාම ගිය පසු විගණකාධිපති ධුරයට දේශපාලන හෙංචයියකු පත්කිරීමේ සැලසුමක්! ජනාධිපතිවරයා මම දන්නේ නැතැයි පාළු ගෙයි වළං බිඳීන්නට කලින් නිලධාරීහු ලිපියක් ලියති!

April 19, 2019 at 1:45 pm | by admin

ඉදිරි සතියේදී පුරප්පාඩු වන විගණනකාධිපති තනතුර සඳහා රාජ්‍ය වැවිලි සමාගම් සභාපති තනතුරක් දැරූ පුද්ගලයෙකු පත්කිරීමට සැලසුම් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු චෝදනා කරති. ඒ දැනට විගණකාධිපති තනතුරේ සේවය කරන ගාමිණි විජේසිංහ මහතා ලබන 24 වැනිදා විශ්‍රාම ගැනීමෙන් පසුය.

මෙවැනි පත්කිරීමක් සිදුකළහොත් ඊට එරෙහිව ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවන එම නිලධාරීහු දැනට දෙපාර්තමේන්තුව තුළ සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම තනතුරට පත්කරන ලෙස (18දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් එම නිලධාරීහු ඉල්ලා සිටිති.

2014 වසරේ සිට මාස 13කට අධික කාලයක් විගණකාධිපති තනතුරේ වැඩ බැලූ නිලධාරියෙකු ද දෙපාර්තමේන්තුවේ සිටින බව පෙන්වා දෙන එම පිරිස එසේ තිබියදී විගණන ක්ෂේත්‍රය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති පුද්ගලයෙකු මෙම තනතුරට පත්කිරීමට සැලසුම් කර තිබෙන බව එම දෙපාර්තමේන්තු නිලධාරීහු හෙළිකරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස