හැමෝම බෑ කියද්දී පෝර්ට්සිටිය හැදුවේ මම! දැන් මහින්ද ඒක විවෘත කරන්න යනවා! – පාඨලී

June 22, 2020 at 1:07 pm | by emanisa.lk

කොටි මාවිල්ආරු සොරොව්ව වැසූ අවස්ථාවේ කොටින්ගේ කාලතුවක්කු ප්‍රහාර මැද තමා එහි ගියේ අත්දෙක වන වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක පවසයි.

ප්‍රභාකරන්ගේ කාලතුවක්කුවලට බිය නොවූ තමන් අද සිටින පුංචි එවුන්ට බිය නොවන බව හෙතෙම අවධාරණය කරයි.

එදා ජනාධිපති මෛතීපාල සිරිසේන පෝර්ට්සිටිය හැදුවහොත් ලංකාව ගිලා බසිනු ඇතැයි පවසන විට රනිල් වික්‍රමසිංහ එය නතර කර දමන ලෙස පවසන විට පෝර්ට්සිටිය හැදුවේ තමා බව ද පාඨලී චම්පක පවසයි.

එදා නාමල් රාජපක්ෂ කාර් රේස් පැදීමට වෙන් කළ පෝස්ට්සසිටියේ කොටස තමා මහජන උද්‍යනෙයක් කළ බවත් අද එය මහින්ද රාජපක්ෂ විවෘත කිරීමට සූදානම් වන බවත් හිටපු ඇමතිවරයා අනාවරණය කළේය.

මෙවර බලය ලබාගත් විට නැවත පරම්පරා ගණකට බලය අතනොහරින බව ද ඔහු සඳහන් කළේය.

https://m.facebook.com/story.php?story_fbid=2682818348666333&id=1435124643435716

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස