කළු ගඟනේ මුහුදට ගිය වැලිකන්ද අපි පෝර්ට්සිටියේ තැන්පත් කළා! – පාඨලි

January 16, 2019 at 5:16 pm | by admin

අද සියවස් ගණනාවක් කළු ග‍‍ඟෙන් මහ මුහුදට ගිය වැලි කන්ද නැවත ෆයිනෑන්ෂල් සිටි හෙවත් පෝර්ට්සිටියේ තැන්පත් කළ බව කොළඹ වරාය නගරයේ ගොඩ කිරීම් අද අවසන් වීම නිමිත්තෙන් පැවති උත්සව සභාව අමතමින් අමාත්‍ය පාඨලි චම්පික රණවක ප්‍රකාශ කළේය.

එහිදී ඔහු තව දුරටත් මෙසේ පැවසීය.

“කියුබික් මීටර මිලියන 70 කට අධික ප‍්‍රමාණයක්. ඒ මගින් අපි විශාල පරිසර බලයක් සෝදාපාලුවෙන් අපෙන් ඉවතට ගිය පරිසරයක් අපි නැවත ගොඩනගා තිබෙනවා. ඒ අතින් පරිසරයට ඉමහත් සේවයක් සිදු වී තිබෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම අපේ ධිවර ප‍්‍රජාව සහ ජෛව විවිධත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපරිම ලෙස කටයුතු කර තිබෙනවා. තිබූ බියජනක තත්වයන් සියල්ලම දැන් නිම වී තිබෙනවා. ඒ වගේම මේ නිසා හෝදා පාලුව වැඩිවෙනවා කියා තිබුණා. ඒ සියලු තත්ත්වය අපි දැන් මුදා හැර තිබෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී මේ චෛත්‍ය පාරට එනවා ගුවන් මගින් පාරක්, නව කැළණි පාලමේ සිට. එම මාර්ගය උමගක් මගින් අපි කොල්ලුපිටිය දක්වා ගෙනයන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩකටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ශඛ්‍යතා අධ්‍යනයක් කර තිබෙනවා. පරිසර අධ්‍යනය දැන් කරගෙන යනවා. එය අවසන් වූ වහාම එම වැඩකටයුතුත් අපි පටන් ගන්නවා.”

කෙසේ වුවද 2014 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ආරම්භ කළ පෝර්ට්සිටි ව්‍යාපෘතිය නිසා හලාවත සිට හික්කඩුව දක්වා සෝදා පාළුවට ලක්වන බවට ද මෙම භූමිය පිරවීමට ලංකාවේ සියලුම ගල් දැමීමට සිදු වන බවට ද චෝදනා නැඟිණි. එසේම මෙම ව්‍යාපෘතිය සඳහා වැලි ලබා ගෙන තිබුණේ උස්වැටකෙයියාව සහ මීගමුව අතර කිලෝ මීටර් 10ක මුහුදු සීමාවෙනි.  එහෙත් කළු ගඟ මුහුදට වැටෙන්නේ කළුතරිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස