හාමුදුරුවරුන්ගේ වගකීම රජුන් තැනීම මිස පාර්ලිමේන්තු යෑම නෙවෙයි! – අස්ගිරි පාර්ශ්වය –

January 27, 2020 at 1:45 pm | by emanisa.lk

දේශපාලනයට නොව දේශයේ පාලනයට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බව පොළොන්නරුව සොළොස්මස්ථානිධිපති  ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය වේඩරුවේ උපාලි මහ නාහියෝ ප්‍රකාශ කළහ.

අද නිර්මාණය වන්නේ පෝසත් දරුවෝ  බෝසත් දරුවෝ නෙවෙයි. බෝසත් දරුවෝ කොහොමද කිර්මාණය වන්නේ. ඒ සඳහා තමයි පන්සල  දහම් පාසැල තිබෙන්නේ. බැරි වෙලාවත් ඔබේ දරුවා පන්සලෙන් දහම් පාසැලෙන් ඈත්  කළහොත් නිර්මාණය වන්නේ යකඩ මිනිහෙක්.  ඒ නිසා අපට ලොකු අභියෝගයක් තියෙනවා මේ රට කොහොමද සකස් කර ගන්නේ කියලා.

ඉතිහාසය බලන කොට අපේ හාමුදුරුවරු මහ පුදුම ජාතික ආගමික වැඩ කරල  තියෙනවා. ධාතුසේන කුමාරයා කුඩා කාලයේ හාමුදුරු නමක් ඇයි එයාව පැවිදි කළේ. එයා රජ කමට පත් වෙන බව දන්නවා. මහණ කරලා සතුරු විපත්වලින් ආරක්ෂා කළා. සුදුසු කාලය ආවහම සිවුරු හැරලා රජ කරවූවා.  එතකම් ඉගැන්නුවේ කවුද හාමුදුරුවො ඉගැන්නුවේ.

රජකමට අවශ්‍ය නිතී රීති රාජ්‍ය පාලනය මේ සියල්ල ඉගැන්නුවා.  අද රජවරු පත් කරන ක්‍රමයට නෙවෙයි එදා රජවරු පත් කළේ .එදා හාමුදුරුවන්ට තමයි සම්පූර්ණ බලය තිබුණේ. හාමුදුරුවෝ තමයි රජ්ජුරුවෝ කවුද කියල තීරණය කරන්නේ . රජ්ජුරුවෝ විතරක් නෙවෙයි යුව රජ්ජුරුවෝ  තීරණය කළෙත් හාමුදුරුවො.

මේ තත්වය වෙනස් වුණේ 1815 න් පස්සේ. 1815 න් පස්සේ පන්සලයි ගමයි ඈත් කළා.  දේශපානය හොඳයි නරක පැතිත් නැතිවාත් නෙවෙයි. දේශපාලනයෙන් ගම  බෙදුණා. එදා ගම්වල හිටියේ  බෞද්ධයෝ අද ඉන්නේ පක්ෂවලට  බෙදුනු මිනිස්සු.  අද මිනිස්සුන්ට තියෙනවා පක්ෂයක්.

පක්ෂපාතී ලෝකයේ අපක්ෂපාති  පුද්ගලයින් තමයි භික්ෂූන් වහන්සේලා. සමහර අය හිතන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාත් දේශපාලනයට සම්බන්ධ වෙනවනෙ  කියලා. නමුත් අපි මතක් කරන්න ඕන හැමදාම  අපේ පාට  තමයි මේ කහ පාට. අපට  මොන පක්ෂයක නායකයා වුනත් දායකයෙක්.   පන්සලේ හාමුදුරුවන්ට කවදාවත් පක්ෂ දේශපානය කරන්න බෑ.

හාමුදරුවරුවන්ට කරන්න පුළුවන් වන්නේ පාලකයෝ පත් කරන්න අනුශාසනා  කරන්න පමණයි. ඒ නිසා මේරටට අවශ්‍ය පාලකයෝ පත් කර ගන්නා තැන දේශයේ  පාලනය කරන තැන භිකෂූන් වහන්සේලා සිටිය යුතුයි. දේශපාලනයට නොව දේශයේ පාලනයට භික්ෂූන් වහන්සේලා සිටිය යුතුයි. එදා හිටපු රජවරුන්ගේ නම්වල පවා  බෞද්ධකම තිබුණා. බුද්ධදාස, සංඝබෝධි, සිරිසඟබෝ, ධාතුසේන, මේ රජවරුන්ගේ නම්වලත් බෞද්ධකම තිබුණා.”

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස