අපට 113ක් නෑ! අයවැය දිනන එක අභියෝගයක්!

March 5, 2019 at 6:27 pm | by admin

වර්තමාන ආණ්ඩුවට බහුතරයක් නොමැති බැවින් අයවැය ජයග්‍රහණය කිරීම අභියෝගයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමට කටයුතු කරන්නේ දැයි මාධ්‍යවේදියකු විමසූ විට මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රජයක් ලෙස පාර්ලිමෙන්තුව තුළ 113 නොමැති වීම හේතුවෙන් අයවැය ජයග්‍රහණය කිරීම අභියෝගයක් වන පසුබිමක එක් වැය ශිර්ෂය පරාජය කර සමස්ත අයවැය ජයග්‍රහණය කිරීම දුෂ්කර ක්‍රියාවක් ඔහු පෙන්වා දෙයි. ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් තීරණයක් ගෙන නොමැති බව හෙතෙම පවසයි.

ජනාධිපතිවරයා විසින් පසුගිය කාලයේදී ව්‍යවස්ථාව කඩ කළ බවත් එයට පිළිතුරක් ලෙස ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීම සිදු නොකළ යුතු බවත් ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම කළ යුුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *