සුදුවැල්ලේ බුද්ධි මෙහෙයුම රටම බේරයි! අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යැවූ 05කට කොරෝනා!

April 11, 2020 at 8:19 am | by emanisa.lk

ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 28 දෙනාගෙන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වී ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න පැවසීය.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔහු ඇසුරු කළ පිරිසට ස්වයං නිරෝධායනය වීමට උපදෙස් ලබාදී තිබුණද එය කඩකර නිවෙස්වලින් බැහැරව සිටි පිරිසක් බස්නාහිර පළාත් නාවික බුද්ධි අංශ නිලධාරින් විසින් පසුගියදා සොයා ගනු ලැබිණි.

මෙසේ කොරෝනා ආසදනය වූ 28 දෙනා අතර සිටි එක් පුද්ගයෙකුගේ බිරිඳකටද කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

වෛද්‍ය පරීක්ෂණවලින් පසු ඇයටද කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ඊයේ (10) රාත්‍රීයේ තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කීය.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයා සහ නාවික හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් නිනෝධායන මධ්‍යස්ථාන වෙත යෙමුකළ පිරිස මත්ද්‍රව්‍යවලට ඇබිබැහිවූවන් බවත් මොවුන් තැනින් තැන සැරිසරා ඇති බවත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු වාර්තා වී අතර ඉන් 4 දෙනෙකු කාන්තාවන් බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස