සීෂෙල්ස් රෝගීන් 35 එක්ක ගුවන්යානව පුරවලා ගෙනාවෙි ලංකාවෙි ලොක්කන්ගේ කළු සල්ලි..!

May 25, 2020 at 3:05 pm | by emanisa.lk

සීෂෙල්ස් රාජ්‍යයේ සිට රෝගීන් 35 දෙනෙකු ප්‍රතිකාර සඳහා මෙරටට ගෙන ආවේ වෙනත් යටි අරමුණක් සහිතව බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එරට සඟවා ඇති මෙරට ප්‍රබලයන්ගේ කලු සල්ලි එම ගුවන් යානය මගින් මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවයි.

ඕනෑ තරම් කළු සල්ලි මෙරටට ගෙන ආවොත් බාරගන්නා බවට ඇමැති බන්දුල ගුණවර්ධන ලින් ප්‍රකාශ කර ඇත්තේ ඒ අනුව බවද ඔහු සඳහන් කළේය.

ලෝකයෙ කළු සල්ලි සුදු කරන එකම රට ශ්‍රී ලංකාව බවත් වෙනත් කිසිදු රටක එය සිදු නොකරන බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස