රනිල් උපන් දින තෑග්ගටත් දූෂණ චෝදනා! තෙල් පිරිපහදුව කළු සල්ලි සුදු කරන දූෂිත ව්‍යාපෘතියක්! – ට්‍රාන්ස්ෆේරන්සියෙන් චෝදනා…

March 27, 2019 at 5:12 pm | by admin

හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඔස්සේ මුදල් විශුද්ධිකරණය කිරීමේ අවධානමක් ඇතැයි ට්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. මේ වන විටත් මුදල් විශුද්ධිකරණයට අරමුදල් සැපයීමේ චෝදනා සහිත රටක් නිසා අළු ලැයිස්තුවට දමා තිබෙන ලංකාවට මෙය අහිතකර විය හැකි බව එම ආයනයේ අදහසය.

හම්බන්තොට යෝජිත තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජනය සිංගප්පූරුවේ පිහිමි සිල්වර් පාක් ඉන්ටර්නැෂනල් සමාගම විවිධ දූෂණ චෝදනාවලට ලක්වු තමිල්නාඩුවේ හිටපු ඉන්දිය අමාත්‍ය ජගත්රක්ෂකන් හා ඔහුගේ පවුල සතුවන බව ට්‍රන්ස්පෙරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කළේය.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ සියලු තොරතුරු ජනතාවට ලබා දිය යුතු බව ද මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මාස තුනකට පෙර එම තොරතුරු අදාළ ඇමතිවරයා ජනතාව වෙත ලබා දිය යුතු බව ද එම නිවේදයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස