සියලු මද්රාසා ලියාපදිංචි කෙරේ! ඉගැන්විය හැක්කේ රජය සපයන විෂය නිර්දේශ පමණයි! අරාබි ගුරුවරු පිටුවහල් කෙරේ! නීති කඩන සියලු මද්‍රාසා අල්ලා තහනම් කරන්න බුද්ධි බලකායක්! – ආණ්ඩුව ඉස්ලාම් අන්තවාදය පරදන සටන අරඹයි…

January 15, 2020 at 3:00 pm | by emanisa.lk

මෙරට අන්තවාදය වපුරා, මුස්ලිම් තරුණයන් අන්තවාදයට තල්ලු කරනා වහබ්වාදය ශ්‍රී ලංකාවෙන් අතුගා දැමීමට අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු අරඹා තිබේ.

මෙහි මුල්ම පියවර ලෙස මුස්ලිම් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ආයතන සියල්ල රජයේ ලියාපදිංචි කළ යුතු බවට නීතියක් ආණ්ඩුව විසින් පනවා ඇත.

මෙම අධ්‍යාපනික ආයතන මද්‍රසා යනුවෙන් හඳුන්වන අතර මේවායේ ඉගැන්වීමට සවුදි අරාබියෙන් දේශකයෝ විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිටිති. මද්‍රසා ආයතනයන්ගේ උගන්වන දේද මින්පෙර රජය විසින් නියාමනය වූයේ නැහැ.

එහෙත් දැන් සියලූම මද්‍රසා ලියාපදිංචි කළ යුතු අතර ඒවායේ උගැන්විය හැක්කේ රජය විසින් ලබා දෙන විෂය නිර්දේශයක් පමණි.

මින්පෙර මද්‍රසා ආයතනයන්ගේ සතුන් ඝාතනය කරනා අයුරු දරුවන්ට ඉගැන්වූ අතර, නව නීතිය අනුව එම කටයුත්තද තහනම් කෙරෙනු ඇත.

තවද මද්‍රසා ආයතනයන්ගේ ඉගැන්වීම් කළ සියලූම විදෙස් දේශකයන් හා ගුරුවරුන් සියලූම දෙනා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමටද තීරණය කර තිබේ.

ඉස්ලාම් දරුවන් අන්තවාදයට යොමු වීමත්, අන්‍ය ජාතීන්ට හා ආගමිකයන්ට වෛර කිරීම වැළැක්වීම මෙම නව නීති පැනවීමේ අරමුණයි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අන්තවාදය හා වහබ්වාදය උගන්වන මද්‍රසා පිළිබඳ දැඩි අවදානයක් යොමු විය.

මෙම නව නීතිවලට අනුගත නොවන හා රජයේ ලියාපදිංචි නොවී පවත්වා ගෙන යන මද්‍රසා සියල්ලම තහනම් කිරීමට කටයුතු කරනු ඇති අතර ඒ සඳහා බුද්ධි අංශ බළකායක් යෙදවීමටද කටයුතු කෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස