ත්‍රිපිටකාභිවන්දනාවේ මහනා හිමිවරුන්ට අසුන් පැනවීම ජනපති කීර්ති නාමටයත් නින්දාවක්! – රාමාඤ්ඥ නිකායෙන් ජනපතිට ලිපියක්…

March 29, 2019 at 4:35 pm | by admin

ජනාධිතිවරයාගේ මෙහෙයවිම සහ මූලිකත්වය ඇතිව සිදු වූ ත්‍රිපිටකාභිවන්දනා වැඩසටහනේ දී සිව් පාර්ශවයේ මහා නායක ස්වාමීන් වහන්සේලාට අසුන් පනවා තිබුණු ආකාරය විනය විරෝධි සදාචාර විරෝධි බව රාමාඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභාව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දෙයි.

විනය පිටකය උපුටා දක්වමින් එම ලිපියෙහි සඳහන් කර ඇත්තේ භික්ෂූන් වහන්සේලාට අසුන් පැනවීමේ දී සලකා බලන්නේ භික්ෂුවගේ උපසම්පදා වස් ගණන මිස නිකාය, උස, මහත නොවන බවය. එහිදී භික්ෂුව රහත්භාවයට පත්ව ඇති ද යන්න පවා නොසලකන බව පවසන එම ලිපියෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ ශාසන ව්‍යවහාර නොදත් අඳබාල නිලධාරීන් කිසියම් මෝඩ පුරුෂයකුගේ උපදෙස් අනුව මෙම විනය විරෝධී ක්‍රියාව සිදු කර ඇති බවය.

මෙම සභාවේ වැඩි වස් ගණනක් සැපිරූ රාමාඤ්ඤ සහ අමරපුර නිකායේ මහනායක ස්වාමීන් වහන්සේලාට ඊට වඩා අඩු වස් ගණනක් සැපිරූ මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට වඩා උස් ආසන පැනවීම ජනාධිපතිවයාගේ කීර්ති නාමයට පවා කැළලක් බව එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

කෙසේ වුවද දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ලිපියක් ලියමින් පවසා තිබුණේ එම අසුන් පැනවීම ශ්‍රී ලාංකික සම්ප්‍රදායට අනුගත බවය. විශේෂයෙන් මෙරට ථේරවාදී බුදු දහමේ මුල්ම නිකාය දෙක ලෙස ද දළදා කරඬුව ආරක්ෂා කරන නිකාය දෙක ලෙස ද මල්වතු අස්ගිරි පාර්ශව වෙත ප්‍රමුඛතාව හිමි විය යුතු බව එමගින් පෙන්වා දී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *