සැවොම ජනපතිට ආයුබෝවන් කියද්දී පාඨලී අත්දෙක ඉණට තියාගෙන!

January 4, 2020 at 8:02 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (03) නව පාර්ලිමේන්තු වාරයේ සමාරම්භය සනිටුහන් කිරීමට පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක සිටි පාඨලී චම්පක ජනාධිපතිවරයාට ආචාර නොකර සිටිනු දක්නට ලැබිණි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිවිසෙන අවස්ථාවේ දෑත් එක්කොට සියලු දෙනාට ආයුබෝවන් කී අතර අසුන්වලින් නැඟී සිටි පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ද ජනාධිපතිවරයාට පෙරලා ආයුබෝවන් කීහ.

එසේම රාජාසන කතාව සිදුකර සභා ගර්භයෙන් පිටවන අවස්ථාවේ ද ජනාධිපතිවරයා සියලු දෙනාට ආචාර කළ අතර මැති ඇමතිවරු ද දෑත් එක්කොට ආයුබෝවන් කීහ. කෙසේ වුවද පාඨලී චම්පක දෑත් පිටුපස තබා ගෙන බලා සිටිනු දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස