සහල් සහ වී තොග සැඟවූ අයට වැඩ වරදී! සහල් ගැටළුට ආණ්ඩුව මැදිහත් වෙයි!

May 22, 2020 at 9:18 am | by emanisa.lk

වෙළඳපොළේ පවතින සහල් අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීමට සූදානම් බව අභ්‍යන්තර වෙළද, ආහාර සුරක්‍ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසයි.

කෘත්‍රිම ලෙස සහල් හිඟයක් මවා පෑමක් මිස කිසිදු සහල් හිඟයක් රටේ නොමැති බවත් වී අස්වැන්නේද කිසිදු හිගයක් නොමැති බවත් එම අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන අවධාරණය කරයි.

මේ වන විට වෙළෙඳපොළේ සම්බා සහ නාඩු සහල් හිඟයක් මතුව ඇති අතර කීරි සම්බා සහ කැකුළු සහල් අළෙවි කෙරෙන්නේ පාලන මිල ඉක්මවා බව වාර්තා වෙයි.

සහල් ව්‍යාපාරිකයින් පැවසුවේ මහා පරිමාණ වී මෝල්වලින් සහල් ඉල්ලුම් කළ ද ඒවා වැඩි මිල ගණන් යටතේ තමන්ට ලබාදෙන බවයි.

පාලන මිලට සහල් ලබාගැනීමේදි මහා පරිමාණ මෝල් හිමියන් විවිධ කොන්දේසි පනවා ඇති අතර සහල් තොගයෙන් අඩකට වඩා කීරි සම්බා සහල් ලබා ගැනීම ඉන් එක් කොන්දේසියකි. මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුවද ප‍්‍රමාණවත් සහල් තොග නොමැති බව වාර්තා වෙයි.

ඉකුත් කන්නයේදී රටේ වීවලින් වැඩි ප්‍රමාණයක් ඒකරාශී වූයේ මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනෙකු වටා බවත් එහි ප්‍රතිපලයක් ලෙස වත්මන් තත්ත්වය උදා වී ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස