බොරු සහල් මාෆියාවක් මවමින් භාණ්ඩාගාර නිලධාරීන් ජනපති කනින් රිංගයි! පාන්පිටි මාෆියාවට බදු සහන බෙදමින් හුළං ගහයි!

February 21, 2020 at 10:56 pm | by emanisa.lk

ජනපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය වී ගොවියා රැකබලා ගැනීම සඳහා ප්‍රභල පියවර රැසක් ගෙන ඇති තත්වයක් යටතේ භාණ්ඩාගාර නිලධාරීන් ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක නිරත වී සිටින බව වාර්තා වේ.

පාන්පිටි මාෆියාව විසින් මෙහෙයවනු ලබන බවට චෝදනාවට ලක්වී ඇති යම් නිලධාරීන් පිරිසකගේ මැදිහත්විමෙන් මේ වන විට පාන් පිටි සඳහා බදු සහන ලබා දෙමින් නිකුත් කොට නියෝගය හොර රහසේ දීර්ඝ කර ඇති බවට රේගු ආරංචි මාර්ග වලින් සඳහන් කරයි.

ජනවාරි 15 දින අවසන් විය යුතු එම බදු සහනය දීර්ඝ කරන ලෙස ජනවාරි 14 වැනි දා රේගු අධ්‍යක්ෂකට නියෝගයක් ලබා දීම භාණ්ඩාගාරයේ යම් පිරිසක් කටයුතු කොට ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. එම බදු සහනය ලබා දිමට පලමුවෙන්ම රජය පෙළඹුවෙන්ම රජය පෙළඹවීමට ඔවුන් විසින් යොදා ගනු ලැබූවේ හාල් මාෆියාවක් පිළිබඳ ව්‍යාජ භීතියක් බවද එම නිලධාරීන් පවසයි.

එය රටේ ප්‍රධාන සහල් ව්‍යාපාරිකයින්ට විරුද්ධව ක්‍රියාත්මක වන පාන් පිටි මාෆියාවේ ප්‍රචාරන යුද උපක්‍රමයක් බවද ඔවුහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස