කොරෝනා කියා වෙනසක් නෑ! මත්ද්‍රව්‍ය වැටලීම් දිගටම! අදත් කුඩු කිලෝ 225ක් අත්අඩංගුවට!

May 15, 2020 at 1:54 pm | by emanisa.lk

වැලිසර ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකල මෙහෙයුමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 225ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 225කට අධික බව පොලිසිය සඳහන් කරයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහල් මලුවල ඇසුරුකම් කොට තිබු අතර එහිදී මෝටර් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස