සජිත් ජනපති වුණොත් අගමැති රනිල් තමයි! නැත්නම් දින 52 ආණ්ඩුවේ මහින්දට වුණ දේ වෙයි! – අකිල

November 8, 2019 at 8:47 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයගත් පසු අගමැති ධුරයට පත්වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්නා පක්ෂයේ නායකයා බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

රනිල් වික්‍රමසිංහ රට පාලනය කළ හැකි පරිණත නායකයකු බවත් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඔහුට හිමි බවත් හෙතෙම අවධාරණය කරයි.

එයට ඉඩ නොදී දින 52 ආණ්ඩුව සමයේ මහින්ද රාජපක්ෂ අගමැති වුවද එය තමන් පරාජය කළ බව අවධාරණය කරන අකිල විරාජ් කාරියවසම් අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ පත්වීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පවසයි.

එජාප අගමැතිවරයා පිළිබඳ සජිත් පාර්ශවය සහ රනිල් පාර්ශවය පරස්පර අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස