එළැඹෙන මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.
සන්ධාන සලකුණ සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් පැන නැගීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ජාතික සමගි බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් අද (19) රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වූ බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එම සාකච්ඡාව පවත්වා මැතිවරණ කොමිසමෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.